Saturday, April 18, 2009

මලින්ත සොයුරාගේ මිත්තණිය වෙනුවෙන්.....

මිත්තණියනි!!! ඔබට නිවන් සුව

Friday, April 17, 2009

තවත් Macro පරීක්ෂණයක්………

අම්මෝ දැන් නම් ටිකක් නිදිමතයි…..ඒ නිසා මේ පොඩි සටහන තියන්නෙ…‍(වැඩියේ ලියන්න බැරියෝ……)

මේ තියෙන්නෙ Macro mode එකෙන් මම ගත්තු තවත් පින්තූරයක් …


මකුලු පැටව්…

ඔන්න මම එහෙම මෙහෙ ඇවිද ඇවිද ඉද්දී අමුතු දෙයක් නිරීක්ෂණය උනා…මකුලුවෙකුයි පැටව් ගොඩකුයි….මම මීට කලින් මෙහෙම දෙයක් දැකලම නෑ…හොද වෙලාවට මම ජීව විද්‍යාව කරලා නෑ….. :P

ටෙෆ්ලෝන්…

කට්ටිය බලන්න ඇති මේ මොන හරුපයක් ද කියලා…ටෙෆ්ලෝන් කියන්නෙ පොලි ටෙට්ට්‍රා ෆ්ලෝරෝ එතීන්වලට…උ.පෙ. රසායන විද්‍යාව කරපු අය නම් මේක ඕනි තරම් අහල තියෙනවා…හොද වෙලාවට මට ඒවා දැන මතක නෑ..

දැන් මම කියන්න ගියේ වෙන කතාවක්..චන්ද්‍රිකා වලින් සිග්නල් එද්දී Polarization කියලා එකක් තියෙනවා….ඕනෑම විද්‍යුත් චුම්භක තරංගයක් සදහා මේ කතා කරන්න පුලුවන්…විද්‍යුත් හා චුම්බක තල පිහිටින ආකාරයා තමා මේකෙන් කතාකරන්නේ…

චන්ද්‍රිකා සදහා Vertical,Horizontal,Circular කියලා මේ ගැන කතා කරන්න පුලුවන්….Circular එකක් Vertical හෝ Horizontal බවට පත් කරන්න ටෙෆ්ලෝන් ගන්න පුලුවන්


තවත් Macro පරීක්ෂණයක් ......

බැලුවා බැලුවා ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ…ඉතින් ඔන්න කෙටි සටහනක් විතරයි….

මේ තියෙන්නෙ මගේ තවත් Macro පරීක්ෂණයක්…

හැබැයි මේ මල් වලට කියන නමනම් මම දන්නේ නෑ




කුඹුරු..........

වැව් ගැන කතා කරද්දි අපිට ඊළගට මතක් වෙන්නේ කෘෂිකර්මය…කෘෂිකරිම කිව්වම අපිට ගොඩ ගොවිතැන මෙන්ම මඩ ගොවිතැන කියලා කොටස් දෙකකට බෙදන්න පුලුවන්….මඩ ගොවිතැන ලෙස කුඹුරුත්;ගොඩ ගොවිතැන විදියට හේන් ආදී අනෙක් බෝග වගාවත් දක්වන්න පුලුවන්…

මේ තියෙන්නෙ අපේ ගමේ කුඹුරු;




වැව්…


වැව කියන්නෙ අපේ සංස්ක්කෘතියටම බද්ධ වුන අංගයක්…ඈත අතීතය රජකම් කරපු රජ වරුන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය තමන්ගේ පරම යුතුකමක් ලෙස සැලකුවේ…..ධාතුසේන රජතුමා වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුට කලා වැවේ දිය දෝතක් ගෙන්හැර පා “මෙන්න මගේ වස්තුව” යැයි පැවසීමෙන් මේ බව මැනැවින් පිළිබිඹු වෙනවා…මන්නාරම ප්‍රදේශයේ පිහිටි යෝධ වැව,පඩුවස්නුවර පිහිටි පඩා වැව ඉතාමත් පැරණියි කියලායි මම අහලා තියෙන්නෙ.(මට මතක විදියට එහෙමයි)

මේ තියෙන්නේ අපේ ගමේ තියෙන වැවක්…

පිඹුරා…


මට මේ සටහන ලියන්න හිතුනේ මේ ළගදී අපේ ගෙදරට ළගදී පිඹුරෙක් ආව නිසා…අනික මම කෑම කනකොට ඩිස්කවරි එකේ සර්පයේ ගැන බලනවානේ… :P

කෝ දැන් ගෑණු ළමයි එහෙම කෑ ගහන්න එපා ඊඊඊඊඊඊඊයා කියලා….පරිසරයේ ඉන්න කොට අපි සර්පයෝ ගැන දැන ගන්න ඕනි..නැත්නම් කෑවෙ මොකාද කියලා දන්නෙත් නෑ(මේ කියන්නෙ කකුල් 2කේ සර්පයෝ ගැන නම් නෙවේ :P )

පිඹුරාට ඉංග්‍රීසියෙන් කියන්නෙ python කියලා…ඒ කියන්නෙ වැඩසටහන්කරන භාෂාව එහෙම නෙවේ…

මං දන්න විදියට පිඹුරාට ඉදිකටු වගේ තියුණු දත් 100ක් විතර තියෙනවා….වෙලාගත්තොත් ඇටකටු වලටත් වැඩේ හරි….ඒ නිසා කෝකටත් ප්‍රිස්සන් වෙන එක තමා හොද වැඩියෙම ළගට නොයා…

මොකද ඩිස්කවරි එකේ පෙන්නුවා මහා සද්ධන්ත උන් හිටන්….


දිමියෝ….


හැමෝම දිමියෝ දැකලා ඇති නේද?දිමියේ කියන්නෙ කඩියෝ වගේ පොඩි සත්තු ජාතියක්…ගස් වල කොළ එකතු කරලා දිමි ගොටු හදා ගෙන තමා ඉන්නේ…දිමි ගොට්ටක් ඇගට එහෙම කඩන් වැටුනොත් නම් ඉදලා ඉවරයි…ඉස්සර වැඩ කරන්නේ නැති ළමයින්ට දිමි ගොටු දාලා දඩුවම් දුන්නලු….පේනවාද උන්ගේ පොඩි ඇස්…



දඩුලේනා….


දඩුලේනා කියන්නෙ ලේනෙක් වගේ ගොඩක් ලොකු සතෙක්..මම මෙහෙම හදුන්වලා දුන්නෙ අද සමාජ රටාව නිසා මේ වගේ සත්තු දැන් දැක ගන්නත් බැරි තරං..හැබැයි ඉතින් පොල් වත්තකට දඩු ලේන්නු රිංගනවා කියන්නේ පොල් ගෙඩි ගැන තියෙන ආසාව අත්හැර ගන්න වෙන වැඩක් :P

මම නම් ගොඩක් දඩුලේන්නු දැකලා තියෙන්නෙ දෙන්නා දෙන්න විදියට…එදා අපේ වත්තට ආපු දඩු ලේනෙක්ගේ ජායාරූපයක් ගනන් ගියත් එච්චර සාර්ථක උනේ නෑ(මගේ zooming තියෙන්නේ 16x digital විතරයි :( )

ඒත් ඉතිනෙ ලාවට පේනවා..මේ රූපේ තියෙන පොල් ගහේ ඉන්නෙ

වතුර බිංදු…


අපි කොච්චරචත් ජල බිංදු දැකලා තියෙනවා…ඒත් අපි ළං වෙලා බලලා තියෙන වෙලාවල් ගොඩක් අඩුයි…ඒත් කලාත්මකව ඒ දිහා බැලුවොත් ගොඩක් දේවල් දකින්න පුලුවන්..

Photoshop වලින් නිර්මාණය කරපු වතුර බිංදු ඇත්ත ඒවට සම කරන්න පුලුවන්ද?මේ තියෙන්නෙ එහෙම ගත්ත ඇත්ත ඒවගේ ජායාරූපයක්(ඒත් හිතුව තරං හොදට ආවේ නෑ )


නිදිකුම්බා ……


මම මේ දවස් වල අලුත් පරීක්ෂන ටිකක් කරනවා…..විශේෂයෙන්ම Marco Mode එකත් එක්ක… ඩිජිටල් කැමරාවල

මම එදා එක එක දේවල් වල ජායාරූප ගන්න ගිහින් කොහොම හරි ටිකක් හරි ලස්සනයි කියලා හිතන්න පුලුවන් එකක් ගන්න පුලුවන් උනා…

මේ තියෙන්නේ ඒ ජායාරූපේ….නිදිකුම්බා මලක(මං ඉතින් ගත්තොත් ඔහොම එකක් තමා :P )

ISO Speed = ISO 64

Exposer Time = 1/125sec

Focal length = 5mm

Metering = Spot

F stop = f/2.8

Dimensions = 2592*1944(Resized to 640*480)


අපේ ජාතික ආහාරය…


මේ මොකක්ද මේ කතාව…අපේ රටේ ජාතික ආහාරය තමා බත්….ඒ බව කවුරුත් දන්නවනේ(ටවුමේ අයගේ නම් පාන් ද දන්නෙ ත් නෑ හැබැයි)

හැමෝම වහේ අපේ ගෙවල් වලට හාල් ගෙනාවට ඒවා අපේ ගෙදරට එනකම් මොකද වෙන්නේ කියලා දැකලා නොතිබෙන්න පුලුවන්…

මේ තියෙන්නෙ පුංචි ගොයම් පැළ…මේවා නම් පැළ වෙලා තියෙන්නේ බිත්තර වී වලින් නෙවේ….බැත හුළං කරද්දී බිම වැටුණු වී ඇට වලින්…

ඔන්න මැරතන් ලියන්න පටන් ගත්තා....

ඔන්න අපි 2009 අවුරුද්දෙත් සිංහල බ්ලොග් මැරතන් දුවන්න පටන්ගත්තා ....ලංකාවේ වෙලාවෙන් රෑ8 ටට..
හෙට රෑ8ට තමා ලියන එක නවත්වන්නෙ...කාලිංග අයියා අපිට තෑගිත් දෙනවලු මේ පාර...

මීට හරියටම වසරකට පෙර අප අතරින් වියෝවූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ යසරුවන් ගුණතිළක සොයුරාට නිවන් සුව පතනවා.....

ටෙස්ටින්

සින්ඩි ටෙස්ටින් 1 .......... 2 ........... 3

අපි දුවමු මැරතන්…

ආ කොහොමද කට්ටිය…..අද අපේ කස්සියට විශේෂ දවසක්….අද අපි සිංහල බ්ලොග් මැරතන් දුවන්න ඉන්නෙ….හැබැයි මේ පාර දුවන අයට වඩා වතුර ගහන අයද කොහොදෝ වැඩි….

කට්ටියට අපි මැරතන් දුවන අපූරුව බලන්න පුලුවන් මෙතැනින්… : marathon.sinhalabloggers.com/

ඔන්න එහෙනම් දුවන්නෙ නැති හැමෝම මතක් කරලා වතුර ගහන්න හරි එන්න ඕනි….

හූ හූ මල්ලී........

අපි මේ පොඩි ටෙස්ටින් පාරක්….වැඩේ ගොඩ නේද?