Saturday, April 18, 2009

මලින්ත සොයුරාගේ මිත්තණිය වෙනුවෙන්.....

මිත්තණියනි!!! ඔබට නිවන් සුව

Friday, April 17, 2009

තවත් Macro පරීක්ෂණයක්………

අම්මෝ දැන් නම් ටිකක් නිදිමතයි…..ඒ නිසා මේ පොඩි සටහන තියන්නෙ…‍(වැඩියේ ලියන්න බැරියෝ……)

මේ තියෙන්නෙ Macro mode එකෙන් මම ගත්තු තවත් පින්තූරයක් …


මකුලු පැටව්…

ඔන්න මම එහෙම මෙහෙ ඇවිද ඇවිද ඉද්දී අමුතු දෙයක් නිරීක්ෂණය උනා…මකුලුවෙකුයි පැටව් ගොඩකුයි….මම මීට කලින් මෙහෙම දෙයක් දැකලම නෑ…හොද වෙලාවට මම ජීව විද්‍යාව කරලා නෑ….. :P

ටෙෆ්ලෝන්…

කට්ටිය බලන්න ඇති මේ මොන හරුපයක් ද කියලා…ටෙෆ්ලෝන් කියන්නෙ පොලි ටෙට්ට්‍රා ෆ්ලෝරෝ එතීන්වලට…උ.පෙ. රසායන විද්‍යාව කරපු අය නම් මේක ඕනි තරම් අහල තියෙනවා…හොද වෙලාවට මට ඒවා දැන මතක නෑ..

දැන් මම කියන්න ගියේ වෙන කතාවක්..චන්ද්‍රිකා වලින් සිග්නල් එද්දී Polarization කියලා එකක් තියෙනවා….ඕනෑම විද්‍යුත් චුම්භක තරංගයක් සදහා මේ කතා කරන්න පුලුවන්…විද්‍යුත් හා චුම්බක තල පිහිටින ආකාරයා තමා මේකෙන් කතාකරන්නේ…

චන්ද්‍රිකා සදහා Vertical,Horizontal,Circular කියලා මේ ගැන කතා කරන්න පුලුවන්….Circular එකක් Vertical හෝ Horizontal බවට පත් කරන්න ටෙෆ්ලෝන් ගන්න පුලුවන්


තවත් Macro පරීක්ෂණයක් ......

බැලුවා බැලුවා ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ…ඉතින් ඔන්න කෙටි සටහනක් විතරයි….

මේ තියෙන්නෙ මගේ තවත් Macro පරීක්ෂණයක්…

හැබැයි මේ මල් වලට කියන නමනම් මම දන්නේ නෑ




කුඹුරු..........

වැව් ගැන කතා කරද්දි අපිට ඊළගට මතක් වෙන්නේ කෘෂිකර්මය…කෘෂිකරිම කිව්වම අපිට ගොඩ ගොවිතැන මෙන්ම මඩ ගොවිතැන කියලා කොටස් දෙකකට බෙදන්න පුලුවන්….මඩ ගොවිතැන ලෙස කුඹුරුත්;ගොඩ ගොවිතැන විදියට හේන් ආදී අනෙක් බෝග වගාවත් දක්වන්න පුලුවන්…

මේ තියෙන්නෙ අපේ ගමේ කුඹුරු;




වැව්…


වැව කියන්නෙ අපේ සංස්ක්කෘතියටම බද්ධ වුන අංගයක්…ඈත අතීතය රජකම් කරපු රජ වරුන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය තමන්ගේ පරම යුතුකමක් ලෙස සැලකුවේ…..ධාතුසේන රජතුමා වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුට කලා වැවේ දිය දෝතක් ගෙන්හැර පා “මෙන්න මගේ වස්තුව” යැයි පැවසීමෙන් මේ බව මැනැවින් පිළිබිඹු වෙනවා…මන්නාරම ප්‍රදේශයේ පිහිටි යෝධ වැව,පඩුවස්නුවර පිහිටි පඩා වැව ඉතාමත් පැරණියි කියලායි මම අහලා තියෙන්නෙ.(මට මතක විදියට එහෙමයි)

මේ තියෙන්නේ අපේ ගමේ තියෙන වැවක්…